ශ්රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.
එම තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණි තනාපතිවරයා ශ්රී ලංකාව සමග පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය.
මෙම හමුවෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තානාපති නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්රහයක්ද පැවැත්වීය.