ශ්‍රී ලංකා - ඉන්දියා පළමු එක්දින තරඟය අද
- 18 07 2021
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වෙයි.
පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද පළමු වරට මෙහෙය වන අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද පළමු වරට ආරම්භක පිතිකරු ශිකර් ධවාන් විසින් දරනු ලබනවා.
අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට නියමිතව තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
