ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් නල්ලතන්නිය අතර බස් රථ ධාවන කටයුතු වැඩි වශයෙන් ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ කළමණාකාර අනුර දොඩන්තැන්න මහතා පවසන ලද්දේ මේ මස 22වන සිට 2018/2019 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන බවත් ඒ අනුව හැටන් නල්ලතන්නිය අතර බස් රථ ධාවනයන් වැඩි කිරිමට පියවර ගන්නා බවත්ය.
හැටන් ලංගම ඩිපෝව මගින් සැම ශ්‍රි පාද වන්දනා සමයක් තුළදිම දුම්රිය ඒකාබද්ධ බස් රථ සේවාවක් පවත්වාගෙන යන බවත් ඒ අනුව මෙවරද මෙම දුම්රිය ඒකාබද්ධ බස් රථ සේවාවක් මෙම ශ්‍රි පාද වන්දනා සමය තුළදිද පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවත්ය.
චන්ද්‍ර සෙල්ලහේවා - හැටන්