ශීත සෘතුවට පෙර ජර්මනියේ කොවිඩ්-19 වසංගතය පැතිරීම මැඬපැවැත්වීම වෙනුවෙන් එන්නත් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් සඳහා පොදු ස්ථාන වෙත ප්රවේශවීම සීමා කළ හැකි නව සීමා කිරීම් ගැන ජර්මානු නායකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
යෝජිත ප්‍රතිපත්ති පසුගිය සතියේදී ජර්මනියේ රාජ්‍ය අග්‍රාමාත්‍යවරුන් 16දෙනා වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමට නායකයන් කිහිප දෙනෙක් පමණක් විරෝධය පළ කළ බව ජර්මානු මාධ්‍ය පවසයි.
මෙම නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.
විශේෂයෙන්ම ආසාදන මට්ටම අඩු අනුපාතයක පැවතුණහොත් පමණක් එන්නත් නොකළ අයට සෘණාත්මක පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමෙන් මෙම ක්‍රියාකාරකම් වලට සම්බන්ධ විය හැකිය. කෙසේ වෙතත්, කලින් තීරණය කළ "භයානක මට්ටමට" ආසාදන ඉහළ ගියහොත්, පරීක්ෂණය තවදුරටත් වලංගු ආරක්ෂාවක් ලෙස නොසලකන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගෘහස්ථ ස්ථානවල ආහාර ගැනීමට සීමාවන් පනවා ඇති වර්තමාන රෙගුලාසි මෙන් නොව, යෝජිත නීති දැඩි ස්වරූපයක් ගෙන ඇත. ඒ අනුව මෙම නීති යුරෝපයේ සැලසුම් කිරීමට සිදුවූ දුෂ්කරම ඒවා වන බවත්, එම නීති ලබන සැප්තැම්බර් මාසයේදී බලාත්මක වනු ඇති බවත් කියයි.