ශක්තිමත් නායකයින් පාර්ලිමේන්තුවට එවන්න - අගමැති
වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බියකින් තොරව වගකීමක් භාරදීමේ හැකියාව තිබෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීම ජනතාවගේ වගකීමක් බවද අද (26) නුවරඑළියේ රාගල ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අඩපණ වූ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා බිහිකිරීම නුදුරේම පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ වගකීමක් ලෙස සලකන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉකුත් රජය හම්බන්තොට වරාය ඇතුළු සම්පත් විකුණා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර පහක කාලයකට පත්වන ආණ්ඩුවකට අනාගත පරම්පරා වෙනුවෙන් තිබෙන රටේ සම්පත් විකුණා දැමීමේ හැකියාවක් නැති බව බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් සිහිතබා ගෙන කටයුතු කළ යුතු බවයි.
නිසි ප්‍රතිපත්තියක් නැති පිරිස් බලයට පැමිණීමෙන් රටකට මෙවැනි හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයක් ජනතාව එක්ව සම්මත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දෙන්නැයිද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Sadin bayiya Sunday, 26 July 2020 02:24 PM
lom halichcha 60 panapu hota bima anichacha, awidaganna waru nathi, hitagena paya keepayak inna bari, kattiya kohomada andu karanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
