වෛද්‍යවරු 1000ක් හෙට ලෙඩවෙති
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (04දා) වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මෙම විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17ක් නියෝජිතයින් සම්බන්ධ වන බවත්, විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය ‘සේවාවේ ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Don Thursday, 04 April 2019 08:05 AM
තමන්ගේ රැකියාව කුමක්ද, යුතුකම කුමක්ද නොදන්නා GMOA ත්රස්තවාධියෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

