ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයට අයත් උරග විශේෂ 17ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දේශීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු මෙම උරග විශේෂ හිංසාකාරී ආකාරයට නිවස තුළ රඳවාගෙන සිටි බවත්, සැකකරු අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එහිදී රුපියල් පනස්දහසක ශරීර ඇප මත සැකකරු මුදාහැරිඅතර, අදාළ නඩුව එළඹෙන සැප්තැම්බර් 07 වැනිදා කැඳවීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් උරග විශේෂ ඉදිරි නඩු කටයුතු වෙනුවෙන් ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා තැබීමට අධිකරණය නියෝග කර තිබේ.
රාජගිරිය ප්‍රදේශයේදී සැකකරු හා සත්ත්ව කාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සත්ත්ව කාණ්ඩ අතර ලේ මාපිලා, ඇහැටුල්ලා, මල්සරා, නාග මාපිලා, නිදි මාපිලා, පිඹුරා, කටකලුවා යන උරග විශේෂද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


