වෛද්‍ය අමල් හර්ෂද සිල්වා සිය ධුරයේ වැඩ අරඹයි
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ රාජකාරි අරඹයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දින (04) සිය ධූරයේ වැඩ බාර ගන්නා ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද එක්ව සිටියාය.
සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ සේවය කරන ලදි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෙස ද සේවය කර ඇත. පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ, ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස ද ඒ මහතා සේවය කර ඇත.
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
popular news
-
Demuni Uduwara Friday, 04 December 2020 07:40 PM
An effective service is awaited.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

