වෙඬරුවේ හිමිගේ ප්‍රකාශය හෙළා දකිනවා - රනිල්
බුදුදහමයි හිට්ලරුයි එකට එකතු කරගෙන යන්නෙ කෙසේදැයි තමන් නොදන්නා බවත් එම ප්‍රකාශය තමන් හෙළා දකින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මාතර ප්‍රදේශයේදී පැවති උත්සවයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
“බුදුරාජාණන් වහන්සේ කිසි විටෙක කිවුවේ නැහැ මිනිස්සු මරන්න කියලා. මිනිස්සු නැති කරන්න කියලා. විවිධ මතවලට ගරුකරන්න කිවුවා. එතකොටයි ප්‍රජාත්‍රන්තවාදී පාලනයක් ගෙනියන්න පුළුවන්. උන්වහන්සේ කියලා නෑ හිට්ලර් කෙනෙක් වෙන්න කියලා. මං දන්නෙ නෑ අපි කොහොමද හිට්ලරුයි බුදුදහමයි එකට එකතු කරන්නෙ කියලා.
අපිට දේශපාලනයක් තියෙනවා. ඒක මෙතනට ආදාළ නැහැ. අපිට කියන්න බෑ ඉඩි අමීන් වගේ, පොල්කොටි වගේ, හිට්ලර් වගේ වෙන්න කියලා . කවුරුහරි එහෙම කියනව නම් එය හෙළා දැකිය යුතුයි.
මං ඉන්න තැනක එහෙම කිව්ව නම් මම එවෙලෙම කතා කරලා හෙළා දකිනවා. මං ළඟක ඕක කිව්ව නම් අද ජනමාධ්‍ය මාව ඉවර කරලා තියෙයි. නමුත් එක පත්තරයක් ඕක කිවුවෙ නෑ. ඔක්කොම පුවත්පත් වාර්තා ටික රහත් වුණා . අඩුගාණේ කතුවැකියක් ලියලා නෑ. මං අහන්නෙ දැන් ඔහොම වෙනව නම් හිට්ලර් කෙනෙක් ආවොත් මාධ්‍යයට මොනවා වෙයිද කියලායි “යැයි පැවසීය.

මාතර - මහේෂ් මලවරආරච්චි
popular news
-
නීතිවේදී ධම්මික අරන්දර Sunday, 24 June 2018 12:13 PM
මේ අගමැතිට. අනුනායක ස්වාමීන්වහන්සේගේ කතාවේ සන්දර්භය තේරුම් ගන්න තරම් මොලයක් නෑ.
Reply : 4 2
කපිල Sunday, 24 June 2018 03:23 PM
උන්ප් එකට එන්න තියෙන හෙළ බොදු චන්ද නැති කරගන්නට ලොක්ක දරණ උත්සාහය කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

