වර්තමාන රජයේ වැඩ පිළිවෙලට අනුව වාරි මහිමය අපේ උරුමය තේමාව කරගනිමින් වැව් රක්ෂිත සීමා සළකුණු කිරීම හා සංරක්ෂිත ප්රදේශ ආරක්ෂා කර ගැනීමේ වෙනුවෙන් වැව් රක්ෂිත ලකුණු කිරීම යටතේ අද ( 19) දින අම්බලන්තොට රිදියගම වැවේ රක්ෂිත ලකුණු කිරීමට පැමිණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්රදේශයේ ජනතාව එක්ව විරෝධය දැක්වීමෙන් පසු එම නිලධාරීන් එම ස්ථානෙයන් ඉවත්ව යන ලදී.
මෙසේ විරෝධතාවය දක්වන ලද්දේ වැවු රක්ෂිතයේ කොටසකට අයිතිව තිබෙන රිදියගම ,අහබඩ විල ,තුඩුව මුල්ල,කරඹගල මුල්ල ඇතුළු ප්රදේශය කීපයක ජනතාව වේ, මෙම ඉඩම් මැනීමෙන් පවුල් 300කට පමණ තම වාස භුමි ඉඩකඩම් අහිමිවීමේ අවධානමක් පවතින බවද ප්රදේශයේ ජනතාව කියා සිටියේය.
ප්රදේශයේ ජනතාව ප්රකාශ කරන්නේ තමන් වසර ගනනාවක් තිස්සේ ජිවවත්වූ ඉඩකඩම් අත්හැරීමට කැමැත්තක් නොක්දක්වන බවයි, එමෙන්ම මේ කාරයෙන් ඉඩම් මැනීමෙන් පසු තමන්හට මෙම ප්රදේශ අහිමිවීමට ඉඩ ඇති බවත් එහිදී තමන් වසර ගණනාවක් තිස්සේ විවිධ වගාවන්ගෙන් අස්වද්දන ලද ඉඩ කඩම් අහිමිව තමන් අන්ත අසරණ තත්වයකට පත්වන බවයි.
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට අම්බලන්තොට පිහිටි හම්බන්තොට ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ප්රදේශ වාසීන්ගෙන් පිරිසක් ගිය අතර එහිදී පාදේශිය වාරිමාර්ග ඉංජිනේරු තුමිය ප්රකාශ කර ඇත්තේ ලබන බදාදා දින දක්වා මැනුම් කටයුතු තාවකාලිකව නතර කරන බවත් දිස්ත්රික් ලේකම් තුමා හමුවී මෙම ගැටලුවට විසදුමක් ලබාගන්න ලෙසය.
වාරි මහිමය අපේ උරුමය තේමාව කරගනිමින් අම්බලන්තොට රිදියගම වැවේ වැව් රක්ෂිත සීමා සළකුණු කිරීම ආරම්භකරන ලද්දේ පසුගිය මස 30වනදා වේ.

