වී සහ එළවලු ගොවීන්ට නව වෙබ් අඩවියක්
ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත ඔවුන්ගේ භෝග වගාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාදීම තුලින් ඔවුන්ගේ දැනුම්වත්භාවය වැඩි කර තම වගාවන් පිළිබඳ වඩා ඵලදායි තීරණ ගැනීමට දිරිමත් කිරිම පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.
මෙම වෙබ් අඩවිය පාරිභෝගිකයන්ට, කෘෂිකර්මාන්තකරුවන්ට සහ ආහාර සැකසුම් ආයතනවලට ඉතා ප්‍රයෝජනවත් තොරතුරු මුලාශ්‍රයක් වන අතර එමගින්, වී, එළවලු හා අනෙකුත් භෝග වගාවන් පිළිබඳ තොරතුරු ලබා දෙනු ඇත.
මෙමගින් එක් එක් දිස්ත්‍රික්කය සඳහා වී අස්වනු නෙලීමේ කාලවකවානු පිළිබඳ අවබෝධයක් ලබා දී ඇත. තවද එළවලු වගාකරුවන් සඳහා පූර්ව අවදානම් සංඥා ලබාදීම තුලින් අතිරික්ත භෝග හේතුවෙන් සිදුවන මිල පහළයාම් හා නාස්තිය අවම කිරීමටත්, ජාතික අවශ්‍යතාවයට සරිලන පරිදි වගාවන් කිරීමටත්, ගොවි ජනතාව දිරිමත් කිරීමටත් හැකියාවක් ලැබේ.
මෙම වෙබ් අඩවියට පිවිසීම සඳහා www.croplook.net වෙබ් ලිපිනය ද,
Username : public ,
Password : public ද, භාවිත කළ යුතුය.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

