විහාරස්ථාන 20කට රිෂාඩ්ගෙන් ලක්ෂ 100ක්
යුද්ධය හේතුවෙන් වවුනියාව හා වැලිඔය ප්‍රදේශවල විනාශ වූ විහාරස්ථාන 20ක සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (26දා) වවුනියාව හා වැලිඔය ප්‍රදේශයන්හි විහාරස්ථානවල විහාරාධිපතිවරුන්ට අවශ්‍යව තිබූ ජල පිරිපහදු යන්ත්‍ර හා සෙසු පිරිකර වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
එම ප්‍රදේශයන්හි විහාරාධිපතිවරුන් විසින් තම විහාරස්ථානවල අඩුපාඩුකම් පෙන්වාදී ඇති අතර ඉදිරි මාස 6ක කාලයක් තුළ අදාළ මුදල් විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, පෞද්ගලික වාසි වෙනුවෙන් ඇතම් දේශපලඥයන් හා වෙනත් පාර්ශ්වයන් විවිධ චෝදනා එල්ල කළද අවුරුදු 30ක යුද්ධයෙන් මැදි වූ මෙම ප්‍රදේශයන්හි සිටින ජනතාව සහ ආගමික නායකයන්ගේ ගැටලු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මැදිහත් වීමට තමන් කටයුතු කරන බව පැවසීය.



popular news
-
ravin Wednesday, 27 June 2018 06:02 PM
හරිම දුකයි මේවට කොමෙන්ට්ස් නැති කොට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

