මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථාන 280කට අදාළව විහාර වන්දි ලෙස ගෙවිය යුතු රුපියල් තුන්කෝටි, අනුහයලක්ෂ,හතලිස්එක්දහස්,හයසියපනස්එකක (39,641,651) මුදල එකි විහාරස්ථාන වෙත නිදහස් කිරිමට කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
වසර 20ක වැඩිකාලයක සිට මෙකි විහාර වන්දිමුදල මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව පවතින අතර අදාළ විහාරස්ථාන වෙත එම මුදල නිදහස් කිරිමට කටයුතුකර නොතිබුණි. මෙකි වන්දිමුදල අදාළ විහාරස්ථාන වෙත ලබාදිමට කටයුතුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මහා භාරකාර දෙපාර්තමේන්තුවේ පවතින විහාර වන්දි මුදල් පිළිබද අදාළ විහාරස්ථාන දැනුවත් කිරිමට ලිපි යොමුකොට ඇති බවද දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන්කොට ඇත.
මහා භාරකාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්කොට ඇත.