ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවය ශ්රී ලංකාවේ කොළඹ වෙත සංජු ගුවන් ගමන් ආරමභ කර තිබේ. එම ගුවන් සේවය බදාදා දිනයේ හැර සතියේ අනෙක් සෑම දිනයකදීම කොළඹට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.
ඉන්දියාවේ ටාටා සමාගමේ හා සිංගප්පූරු ගුවන් සේවය ඒකාබද්ධව මෙම ගුවන් සමාගම මෙහෙයවයි.
අද දිනයේදී කටුනායක වෙත ගුවන් ගමන් අලුතෙන් ආරම්භ කළ දෙවැනි ගුවන් සමාගම විස්තාරා ගුවන් සේවය වෙයි. අද පෙරවරුවේදී ඕමානයේ සලාම් ගුවන් සේවය කටුනායකට ගුවන් ගමන් ආරම්භ කළේය.


