විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ප්‍රථමවරට උද්‍යානයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය දරුවන් ඇතුළු පොදුජන අයිතියට පැවරීම ඊයේ (21දා) සිදුවිය. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කි‍්‍රයාත්මක වේරැස් ගඟ වැසිජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බොරලැස්ගමුව සංවර්ධන කලාපය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,
“විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 1% ක් මේ සමාජයේ ඉන්නවා. එම දරුවන් වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් මේ නාගරික පරිසරය තුළ වෙන් කළ යුතුයි. වර්ණය, හඬ ඇහෙන්නේ, පෙනෙන්නේ නැති දරුවන්ට, දෑත දෙපය හසුරුවන්න බැරි අපේ දරුවන්ටයි මේ කෙළිමඩල අයිති. ඒ වගේම වැඩිහිටියන්ටත් මෙම ස්ථානයට එන්න පුළුවන්. ඉදිරියේදී කොට්ටාව ප්රදේශයෙත් මෙවැනි ස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නවා.”




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

