පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත ඡන්ද දායකයෙකුට හෝ වෙනත් ශාරීරික ආබාධයක් සහිත ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයෙකු රැගෙන යාමට අවසර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කෙසේ වෙතත් සහායකයෙකු රැගෙන යාම සඳහා යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතු බවත්, යෝග්‍යතා සහතිකය ලබාගැනීමට අදාළ ඉල්ලුම්පත් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තුළින් ග්‍රාම නිලධාරී කාර්යාල තුළින් ලබාගත හැකි බවත් එම කොමිසම පෙන්වා දෙයි.
අදාළ ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය ලබාගත යුතු බවත්, ඉන්පසුව රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
යෝග්‍යතා සහතිකය ලබාගත් පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන හා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂයක ස්වාධීන කණ්ඩායම් නියෝජිතයෙකු නොවන සහ ඡන්දපොළ නියෝජිතයෙකු නොවන පුද්ගලයෙකු ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීමට රැගෙන යාහැකි බවද එම කොමිසම පෙන්වා දෙයි.
සහායකයෙකු නොමැතිව වුවත් ඡන්දපොළ නියෝජිතයෙකු ඉදිරියේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා මගින් ඡන්ද පත්‍රිකාව සලකුණු කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.