විශ්‍රාමික රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට කැමැත්ත පළ කිරීමේ කාලය මාසයකින් දීර්ඝ කර තිබෙනවා.
ඒ සදහා මෙතෙක් ලබා දී තිබුණේ සති දෙකක කාලයක් පමණයි.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය මගින් 2016 වසරේ ජනවාරි පළමු වනදාට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට අවස්ථාව ලබා දුන්නා. ඊට කැමැත්ත හෝ අකමැත්ත පළ කිරීමට සති දෙකක කාලයක් ලබා දී තිබුණා.
ඇතැම් විශ්‍රාමික සංගම් මේ සදහා විරෝධය පළ කළා. ඒ පිළිබද සලකා බැලීමෙන් පසුව එම කාලය මාසයක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.