ලංකාවේ විශ්ව වි පද්ධතියට වියදම් කරන මුදල් වලින් ලැබෙන ප්‍රතිඵල ඵලදායිද යන්න ගැටලුවක් පවතින බවත් නුසුදුසු ලෙස විශ්ව විශ්ල පද්ධතිය ගමන් කරන බව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට සිදුවන බවත් ස්වාධීන විගණන කොමිසමේ සභාපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය.
ඔහු මේ බව පැවසුවේ විගණනාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේනේ පිහිටා තිබූ රාජ්‍ය විගණන පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය සබරගමු විශ්ව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට එහි ගොඩනැගිලිවල අයිතිය පවරාදෙමින් එම පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේ අද (17දා) පැවති උත්සවයේ දීය.
‘‘ලෝකයේ අවභාවිතවන රටවල් අතරින් ලංකාවත් එකක්. ඒ අවභාවිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කරන ආයතනයේ ප්‍රධානියා මම. පසුගිය කාලේ සිදුවු අවභාවිතයන් ගැන සොයා බලන්න 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශාල පිටිවහලක් වුණා. යහපාලනය සවුත්තු වුණාට ඒ ‘යහපාලනය’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.
අද සමහරුන්ට වෙලා තියෙන්නේ පුටුවක ඉඳගත්තොත් නැගිටින්න කැමති නෑ. ගැටලු සහ ප්‍රශ්න ඇතිවන්නේ ඒ නිසා. නමුත් අපි ඒ වෙනසට හුරු පුරුදු වියයුතුයි. අතහැරීම පුරුදු නැති නිසා අපි ඇලෙනවා. ඊට පස්සේ ගැටෙනවා.
ලෝකය වසරකට වරක වෙනස් වෙනවා කියලා එදා කිව්වාට අදනම් දවසකට වරක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් සමග රාජ්‍ය නිලධාරියා ඇතුලු සියලු ක්ෂේත්‍ර වල ආකල්පමය වෙනස්කම් ඇතිවිය යුතුයි.
අද වෛද්‍යවරුන්ගෙ පවා ආකල්පමය ගැටලු තිබෙන බව පෙනෙනවා. ඒවා වෙනස් විය යුතුයි. 1977ට පෙර තිබු සංවෘත ආර්ථික ක්‍රමයේදී රාජ්‍ය නිලධාරීන් හිතාගෙන හිටියේ රජු හෙවත් පාලකයා ඔවුන් බවයි. නමුත් 1977දී රටට ගෙනා විවෘත ආර්ථිකයත් සමග ඒ දෙය සම්පූර්ණයෙන් වෙනස් වෙලා රජු හෙවත් පාලකයා බවට මහජනයා පත්වුණා. නමුත් නිලධාරීන් ආකල්පමය ලෙස වෙනස් කිරිමකට ලක්වුණේ නෑ.
ඒ නිසා මේ ආකල්ප වෙනස විශ්ව විද්‍යාල පද්ධතියටත් ඇතුල් කළ යුතුයි. උපාධි අරගෙන විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට ලක් කරන අවස්ථාවලදී ඔවුන්ගේ දැනුම සම්බන්ධයෙන් අපට ඇඬෙනවා. විශ්ව විද්‍යාල කෙෂේත්රයට කරන වියදම දිහා බැලුවා ලැබෙන ප්‍රථිඵල ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. අවුරුදු විස්සකට පෙර විශ්ව විද්‍යාල වල තිබුණ ක්‍රම වලින් මිදිලා අපි ආකල්ප වශයෙන් ඉදිරියට යා යුතුයි.
විශ්ව විද්‍යාල වලින් පිටවන ළමයි දිහා සමාජය බලන විදිය වෙනස් කරන ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. එයාලගේ ඉගෙනුමට වැය කරන වියදමින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනවද කියල අපි සොයා බැලිය යුතුයි. මේ නිසා විශ්ව විද්‍යාල පද්ධතියට අපි කරන වියදම් වලින් ප්‍රතිඵලයක් තියනවාද යන ගැටලුව අද පැන නැගිලා තියනවා. මේ තත්ත්වය නැති කරන්න විශ්ව විද්යාලව මූල්‍ය පාලනයට තද පාලනයක් අවශ්‍යයි”
අජිත්ලාල් ශාන්තඋදය, බෙල්හුල්ඔය එස්. රත්නායක
