දිස්ත්‍රික්ක හයකට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් තිස් එක් දහස් පන්සියයකට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දෙදහස් දෙසිය දහ නවයක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 17936කට අයත් පුද්ගලයන් පණස් අටදහස් නවසිය පහළොවක් පීඩාවට පත්ව තිබේ. මීට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 6687කට අයත් පුද්ගලයන් විසි දෙදහස් හාරසිය දෙකක් පීඩාවට පත්ව තිබෙන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 148කට අයත් පුද්ගලයන් 646ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් පණහකට අයත් පුද්ගලයන් 163ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 2444කට අයත් පුද්ගලයන් හයදහස් හත්සිය තිස් එකක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 2416කට අයත් පුද්ගලයන් හත්දහස් නවසිය තිස් අටක් පීඩාවට පත්ව ඇත.
මෙම පිරිස් පානීය ජල ගැටලුවකටද මුහුණ දී සිටින අතර වගා කටයුතුවලට අවශ්‍ය ජලය පවා නිසි ලෙස නොමැති බව වියළි කාලගුණය පවතින ප්‍රදේශවල ජනතාව සඳහන් කරති.