විභාග මධ්‍යස්ථානයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට වැඩපිළිවෙළක්
විභාග මධ්‍යස්ථාන තුළ විශබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්යාරක්ෂිත උපදෙස් අකුරටම අනුගමනය කිරීමටත්, දැනට නිරෝධායනයට ලක්ව සිටින සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, විශේෂයෙන් ම සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධවෙමින් අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේය.
ලේකම්වරයා අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව කීය.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ගේ පෞද්ගලික තොරතුරු, ආසන්න කාලසීමාව තුළ පැවති රෝග තත්ත්වයන් ඇතුළු සියලු විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවිය හරහා නිකුත් කරන පත්‍රිකාවක් මගින් මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට පියවර ගෙන ඇති බවත්, එම පත්‍රිකා මගින් අදාළ තොරතුරු ලබාදීමට දෙමව්පියන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
popular news
-
gunasena Thursday, 08 October 2020 05:38 AM
who is going to supply face masks to students with a quality standard or just a face mask will do?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

