විපක්ෂය මේ දිනවල ජනතා ප්රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා යැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුව ජනතා ප්රශ්න විසඳීමට නිරතුරුව කැපවී සිටින බව සඳහන් කළ අග්රාමාත්යවරයා එනිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය පලූදු වීමට ඉඩ නොතබන බවද කීවේය.