විපක්ෂනායකමට නම් දෙකක් ලැබුණා - කථානායක කාර්යාලය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් යෝජනා කරමින් නම් දෙකක් ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව එක් ලිපියකින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා යොමු කර ඇති බවත් අනෙක් ලිපියෙන් විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් අත්සන් කළ ලිපියක්ද ලැබුණ බවත් කථානායක කාර්යාලය නිවේදනය කරයි.
popular news
-
Champa Thursday, 21 November 2019 03:43 PM
ලියුම් වලින් විපක්ෂනයකවරු තෝරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ කලින් දුන් තීරණ අනුව තමයි විපක්ෂනායකයා තෝරන්නේ. පාර්ලිමේන්තුවට බල පැවැත්වෙන නීතිය තමයි පාර්ලිමේන්තුවේ දෙවෙනියට වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන පක්ෂයේ හෝ සන්ධානයේ නායකයා විපක්ෂනායකයා විය යුතුයි කියන එක. මෙතනද්දී පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව තිබුනත් අගමැති වරයා තීරණය කළා තනතුර අතැරලා විපක්ෂයට යන්න. එතකොට කොහොමත් වැඩි බලය තියෙන්නේ ඔහුගේ පක්ෂයට. පක්ෂ නායකයා විදිහට විපක්ෂනායක තනතුර ලැබෙන්න ඕනේ හිටපු අගමැති රනිල්ට. දැන් 40ක් ලියුමක් දුන්න කියල ඔවුන් යෝජනා කරන මන්ත්‍රී විපක්ෂනායක කරන්න නීතියක් පාර්ලිමේන්තුවේ නැහැ. මේකට කලින් පූර්වාදර්ශයක් තියෙනවා. ඒ තමයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයා විදහට දිනේෂ්ව විපක්ෂනායක කරන්න කියල කරපු ඉල්ලීම. මම ඒ පැත්තේ හිටියත් මමත් කිව්වා එහෙම කරන්න බැහැ කියල පාර්ලිමේන්තු නීතිය අනුව. ඒ මොකොද කිව්වා නම් ඒකාබද්ධ විපක්ෂය කියල එකක් 2015 චන්දෙට ඉල්ලුවේ නැති නිසා. මෙතන බලපාන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මිසක් පක්ෂ වල අභන්තර පැටලවිලි නෙමෙයි. ඒ හින්ද මේ ඉල්ලීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට විරුද්ධය්
Reply : 0 35
චමින්ද Thursday, 21 November 2019 07:06 PM
චම්පා නංගී 1970 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුනේ ගරු ඩඩ්ලි මැතිතුමා.නමත් විපක්ෂ නායකයා වුනේ ජේ.ආර් මහතා.මෙනිසා වඩාත් සුදුසු විපක්ෂයේ මන්ත්‍රීලාගේ මනාපය පරිදි විපක්ෂ නායකයා තේරීම කියල හිතෙන්නේ නැද්ද
Reply : 0 0
Champa Friday, 22 November 2019 06:43 PM
චමින්ද --- 1970 ඩඩ්ලි පැරදුනහම, විපක්ෂනායක කමයි පක්ෂ නායකකමයි දෙකම JRට බාර දුන්න මිසක් යූඑන්පී එකේ කොටසක් ලියුමකින් කථානායකට කිව්වේ නැහැනේ තමන් සහයෝගය දක්වන මන්ත්‍රීට විපක්ෂ නායක කම දෙන්න කියල නේද? පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවට අදාළ නැහැ. ඒ හින්ද යූඑන්පී එකේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ සිරිකොතේ මිසක් පාර්ලිමේන්තුවේ නෙමෙයි. මම කියන්නේ මේ පවතින පාර්ලිමේන්තු සම්ප්රදායයන් සහ රීතින් ඒ විදිහටම ආරක්ෂා කරන්න ඕනේ අනාගතය වෙනුවෙන්. වැරදි පූර්වාදර්ශ දෙන්න හොඳ නැහැ. අපි දැක්කනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තනතුරු, සහ මුදල් කෝටි ගණන් වලට තමන්ගේ පාර්ලිමේන්තු චන්දෙ උකස් තිබ්බ විදිහ කිසි හිරිකිතයක් නැතුව. මම කතා කරන්නේ පුද්ගලයා ගැන නෙමෙයි. මම කියන්නේ විපක්ෂනායක කියන තනතුර හා සම්බන්ධ සම්ප්රදායයන් ඒ විදිහටම පවතින්න ඕනේ කියන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

