විපක්ෂනායක ධුරය මහින්දට ලබාගැනීමට සාකච්ඡා කළා
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම සම්බන්ධව සහ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමග අද (26දා) සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා 16 කණ්ඩායම නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරු සහභාගි වූහ.
ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ මහතාට අමතරව පද්ම උදයශාන්ත ගුණසේකර, ජයන්ත සමරවීර, කපිල ගමගේ, මොහොමඩ් මුසම්මිල්, දීපාල් ගුණසේකර, නිමල් පියතිස්ස, සමන්සිරි හේරත් යන මහත්වරුද එක්ව සිටියහ.
popular news
-
Champa Tuesday, 26 June 2018 10:10 PM
I highly doubt MR will accept a second hand--Leader of the Opposition post. I don’t trust your Orphans-16. But denying ⅔ to Ranil is ok, provided that they keep their word to vote against ALL Parliamentary Acts. In fact, they have no other choice, have they? At the same time, I must stress the point that people yearn for new faces from all sides. Nobody can stand this Parliament. As of me, forgive and forget is not in my vocabulary.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

