විපක්ෂ නායකගෙන් කථානායකට ලිපියක්
ලබන 07වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඒ එදින පාර්ලිමේන්තු වැඩසටහනට අනුකූල පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට යෝජිත සභාව කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදය, රට තුළ පවතින තත්ත්වය විශේෂ තත්වයක් ලෙස සලකා එදින පස්වරු 1.00 සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.
පසුගිය 21වනදා සිදු වු අවසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුළු මහත් රටම කම්පාවට පත්ව ඇති බවට පෙන්වා දෙන විපක්ෂ නායකවරයා ඉන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ගේ පවුල් වල ඥතීන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවද එහි දක්වා තිබේ.
එමෙන්ම රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය මේ වනවිට සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇති අතර ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන පවුල් රාශියක්ද අසරණ තත්ත්වයට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දි ඇත.
මේ වනවිට රට තුළ දෛනික වැටුපෙන් ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සිය දෛනික අවශ්‍යතාව පවා සිදු කර ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයට පත් වී සිටින බව විපක්ෂ නායකවරයා කථානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කළ ලිපියේ පෙන්වා දි ඇත.

popular news
-
Champa Friday, 03 May 2019 02:00 PM
දන්නේ නැති හින්ද අහන්නේ විපක්ෂ නායකතුමා, දැන් මිනීමරු ආණ්ඩුවත් එක්ක ඔය කරන විවාදෙන් මැරිච්ච පවුල් වලට සහ මැරිච්ච මිනිස්සුන්ට ලැබෙන සහනේ මොකක්ද? සති දෙකක් ගිය කිසි කෙනෙක් තවම ඉල්ලුවේ නැහැ මැරිච්ච හෝ තුවාල ලැබූ මිනිස්සුන්ගේ විස්තර. මිනීමරු ආණ්ඩුව ළමයි කීයක් මැරුවද? ගෘහ මූලිකයන් කීයන් මැරුවද? ළමයි කීයකට තුවාල කලාද? ගෘහ මූලිකයන් කීයකට තුවාල කලාද? අතුරුදහන් වූ පිරිස කීයද? මට මතක හැටියට හඳුනා ගත නොහැකි මිනි 37ක් ද කොහෙද තියෙනව. තනි පුද්ගලයන්ගේ අත පය විතරක් තියෙන්න පුළුවන් අනිත් සියල්ල විනාශ වෙච්ච. මැරිච්ච මිනිස්සුන්ට ලක්ෂ 10ක් වගේ සොච්චමක් දෙනවා කිව්වා. ඒකවත් දුන්නද? තුවාල වෙච්ච මිනිස්සුන්ටත් ඒ ගානම දෙන්න ඕනේ. බොහෝ දෙනෙක්ට නැවත රැකියා වලට යන්න බැහැ. ආණ්ඩුව මරපු සහ තුවාල කරපු ගෘහ මූලිකයන්ගේ පවුල් වල වෙන අයෙකුට රැකියාවක් දෙන්න මිනීමරු ආණ්ඩුව බැඳිලා ඉන්නවා. 7 වෙනිදට ඔය විස්තර ඉදිපත් කරයිද? නැත්ද? සමූහ මිනීවළවල් තුනකට මිනීමරු ආණ්ඩුව වග කියන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

