විපක්ෂ නායකකම දිනේෂ්ට නැහැ?
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැමත්ත හිමි නොවී ඇති බව විශ්වාසදායක ආරංචිමාරග අද පුවත්පතට සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය ඊයේ (06දා) රාත්‍රියේ කථානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් දැනුම්දී තිබේ.
ජනාධිතිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සන්ධානයේ තීරණය නිල වශයෙන් කථානායකවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව මෙම තීරණය අද (07දා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවිය යුතු බවත් ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් එම ධුරයේ රැඳිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී තීරණය වීම නිසා විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට නොලැබෙන ලකුණු පහළ වෙමින් තිබේ.
ඊයේ (06දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රකාශකයෙක් %අද^ට පැවසීය.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විනා සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඒකාබද්ධ විපක්ෂය විමසීමක් සිදු නොකළ බවට පවසමින් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශ පිළිබඳ මෙම රැස්වීමේදී දැඩිව අවධානයට යොමු වූ බවත්, ඒ අනුව එම ප්‍රකාශයද සැලකිල්ලට ගනිමින් විපක්ෂනායක ධුරයෙහි කිසිදු වෙනසක් සිදු නොවිය යුතු බවට සියලු දෙනා සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙම තීරණය කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කථානායකවරයා විසින් අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායකවරයා ලෙස පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු නොකළහොත් අද (07දා) දිනයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තුවේ රතුපලස මතට පැමිණ විරෝධය පෑමේ සූදානමක් ඇතැයි 'අද'ට වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ පොල්ගෑමට නොව ජනතා ප්‍රශ්න කතාකිරීමට බවත්, කථානායකවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලබාගෙන කටයුතු කරන ආකාරය තවදුරටත් බලාසිටිය නොහැකි බවත් ජනතාව වෙනුවෙන් යුතුකම ඉටුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (06දා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දේ දින 100 ආණ්ඩුව සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන විට නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දුන්නේනම් මේ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතාට එය ලබානොදීමට හේතුව කුමක්ද යන්නයි.
මේ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු යැයි යන මත එකාබද්ධ විපක්ෂයේ මතය වී තිබේ. කෙසේ වෙවත් මෙම තීරණය දැනුම්දීමෙන් පසුව පාර්ලිමේන්තුව උණුසුම් වීමට බොහෝදුරට ඉඩ ඇත.

චාමර සම්පත්/නිදර්ශනී වික්‍රමසිංහ/අමිත් මධුරංග
popular news
-
සෙනෙවි Tuesday, 07 August 2018 10:38 AM
මහින්ද අමරවීර මහතාට පරණ බස් කොන්දොස්තර රැකියාවට ආපසු යෑමට සිදුවන දිනය ඈතක නොවන බව පෙනේ
Reply : 0 12
Champa Tuesday, 07 August 2018 01:25 PM
මේ කතාව මීට කලිනුත් ආවහම මම මේ ගැන CT එකට ලිව්වා. 2015 මාත් කිව්වා විපක්ෂනායකකම JO එකට ලැබිය යුතුයි කියලා. නමුත් අපහු කතාව ආවහම මම ඒකේ නීත්‍යානුකූල බව ගැන බැලුව. මම කොයිතරම් JO එකට උදව් කලත් මේපාර මේකට පක්ෂව ලිව්වේ නැත්තේ ඒකයි. හිතට එකඟව මට මේකට හරියි කියලා කියන්න බැහැ. ඒ මොකොද කිව්වා නම්, JO කියල පක්ෂයක් 2015 අගෝස්තු මහ චන්දෙට ඉල්ලුව නැති නිසා ඒක පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස පිළිගන්න බැහැ. ඉල්ලුවේ UPFA විදියට. විපක්ෂයක් විදියට පිළිගන්න පුළුවන් මුළු UPFA එකම පමණයි. ඒකේ එක කොටසක් පිළිගන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විපක්ෂය වෙන්නේ වැඩිම චන්ද ගත්ත දෙවෙනි පක්ෂේ. ඒක ආණ්ඩුවේ කොටසක් නිසා ඊළඟට වැඩිම චන්දෙ ගත්තේ TNA එක තමයි විපක්ෂය වෙන්නේ. මෙතෙන්දි වැඩිම ආසන ගණන තියෙන පක්ෂේ කියලා බැලුවට, ඒ පක්ෂේ 2015 තරඟ කරපු පක්ෂයක් වෙන්න ඕනේ. කථානායකතුමාට බැනල වැඩක් නැහැ. යෝජනාව කරන්න ඉස්සෙල්ල ඒකේ පසුබිම බැලුව නම් තමයි හරි. අනිත් පැත්තෙන් බැලුවොත් සම්පන්දන් කියන්නේ දෙමල පක්ෂ දේශපාලනයේ අන්තිම ප්‍රතිමූර්තිය. අපි දේශපාලන වශයෙන් වෙනස් අදහස් දරුවත්, ඔහුව වැරදි විදියට විපක්ෂනායකකමින් එලවන එක ගැන මම විරුද්ධයි
Reply : 0 0
rocky Wednesday, 08 August 2018 06:03 PM
champa ම කියන පරිදි JO එකට උදවු කල අයකු වශයෙන් ඔහුගේ නිගමනය ගැන සතුටු වෙමි. මධ්‍යස්ත මත ධාරීන් වීමට අප කාටත් හැකි නම් මේ දේශපාලන ප්‍රශ්න රාශියක් විසඳා ගැනීම එතරම් අපහසු වන්නේ නැත! එහෙත් කොමිස් ගැසීම, පිල්ලි ගැසීම ,අංචි ඇදීම, පගා ගැසීම ආදී ආවේනික කෙලි සෙල්ලම්වලින් ඇතැම් දේශ පාලුවන් වලක්වා ගැනීම නම් මහා බුරහ්මයාට වුනත් නොහැකි වනු ඇත!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
