පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීදිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල මතය කුමක්දැයි කථානායක කරු ජයසූරිය මහතා විමසා තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යොමුකරමින් කථානායකවරයා මේබව විමසා ඇත.
කිසියම් පක්ෂයකින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස ඉල්ලීමක් කළ විට පක්ෂයේ නිල මතය විමසීම කථානායකවරයාගේ වගකීම වන අතර, ඒ හේතුවෙන් මෙලෙස ලිපියක් යොමුකර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූහ.
සන්ධාන මහලේකම් අමාත්‍ය අමරවීර මහතාගේ පිළිතුරු ලිපියෙන් පසුව මේ සම්බන්ධයෙන් ඉදිරිකටයුතු සිදුකිරීමට නියමිතය.
