මීළඟ පාර්ලිම්න්තු සතියට පෙර විපක්ෂ නායක ධුරය ඉල්ලා තමන්ට ලිපියක් බාරදෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ට අද (18දා) දැනුම් දී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් කණ්ඩායමක් සමග කථානායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 70 දෙනෙකු සිටින තම කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් ඉල්ලා තිබෙන අතර, එම මන්ත්රීවරුන්ට සභාව ඇමතීම සඳහා ප්රමාණවත් කාලයක් නොලැබෙන බවද පෙන්වා දී තිබේ.
තමාට මෙම තත්ත්වය මනාව වැටහෙන බවත්, තමා කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවී තීන්දු තීරණ ගන්නා බවත් කථානායකවරයා පවසා තිබේ.
