විධායක ජනපති ක්‍රමය ආහෝසි කිරිමට ජවිපෙ අගමැති සමඟ සාකච්ඡා
ජනතා විමුත්ති පෙරමුණ යෝජනා කළ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (22දා) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත් සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරැන් අගමැතිවරයා සමඟ පවත්වන මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව අද පස්වරැ 2.00ට පැවැත්වීමට නියමිතය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව ඇත.
මේ සඳහා සහාය ලබා ගැනීමට ජවිපෙ මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පසුගිය සති දෙකේදී සාකච්ඡා කරන ලදි.
ඉදිරි සතිවලදී රවුෆ් හකීම්, මනෝ ගනේෂන් , පලනි දිගම්බරන් සහ රිෂාඞ් බදියුදීන් යන සුළු පක්ෂ නායකයින් සමඟද ජවිපෙ සාකච්ඡා කිරීමට නියමිතය.

popular news
-
කෝලිත Friday, 22 March 2019 10:23 AM
හොරාගෙ අම්මගෙන් පේන අහන්නෙ මොකටද ජෙප්පනේ උබලට ඕක අරන්යන්න කියල අතට දුන්නෙත් රනිල් නේද..?
Reply : 0 0
Champa Friday, 22 March 2019 03:55 PM
ගෙදර යන ගමන් කට්ටියට තමයි විධායකය අහෝසි කරන්න ඕනේ වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

