විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(10) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු 47 හැවිරිදි මහනුවර නගරයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින අලුයම 2.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙනැවිත් තිබූ විශාල ගමන් මලු දෙකක රුපියල් 1,920,000 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත ටොප් මවුන්ටන් සහ ගෝල්ඩ් ලීෆ් වර්ග වල දුම්වැටි 32,000ක් අඩංගු දුම්වැටි කාටූන් 160ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .
කටුනායක - ටි.කේ.ජි. කපිල
