යුරෝපිය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද නිරෝධායනයට ලක් විය යුතුව සිටි විදේශිය ජාතිකයෙකු සම්බන්ධයෙන් ප්රචාරයට අදාළව එම විදේශිය ජාතිකයා සොයා ගැනිමට හැකි වි තිබේ.
අද දින මහජනතාවගේද සහාය මත එම පුද්ගලයා සොයා ගැනිමට හැකි වු බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඔහු මේ වන විට පොලිස් භාරයට ගෙන නිරෝධායන කටයුතු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
