විදෙස් ගමන් බලපත් නිකුත් කරන අලුත් විදිහ
පැවති විදේශ ගමන් බලපත්‍ර හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.
කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව සියලුම රටවල් සඳහා වු විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් ඇනවුම් කිරීම සඳහා වන කටයුතු අද (28දා) ආරම්භ කර තිබේ.
එම ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ''සියලුම රටවල් සඳහා'' යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරය වැඩිදුරටත් පැවසීය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිණි
-
Champa Thursday, 28 June 2018 04:09 PM
මේක කොහොමටවත් සමාව දෙන්න බැරි තරම් පරිපාලනයේ අඩුපාඩුවක්, අකාර්යක්ෂමතාවය පෙන්වීමක්, තමන්ගේ නොහැකියාව පෙන්නුම් කිරීමක්. ආගමන විගමන පාලකවරයා ඉල්ලා අස්විය යුතුයි. ගමන් බලපත්‍ර ඉවර වෙන්න ඉස්සෙල්ල stock එක හදා ගන්න එක ආගමන විගමන ආයතනයට අයිතිය මූලිකම කාර්යයක්. මෙතැන වෙන මොකක් හරි තියෙනවද? අර රාජිත වගේ බොරුවට නිකම් බලා ඉඳල බොරු ලොකු හදිස්සියක් පෙන්නල්ල අන්තිම මොහෙතේ tender කැඳවන්නේ නැතුව කට හරි කොන්ත්‍රාත්තුව දෙනවා වගේ වැඩක්. අර pet scanner වලට වගේ. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒ වැඩේ නැවැත්තුව. මෙතනත් ඒ වගේ ඇමති වැඩක්ද? ලැජ්ජයි. පාලක ජනරාල්තුමා. ආණ්ඩුව යහපාලන වුනා කියලා රාජ්‍ය නිලධාරීන් එහෙම වෙන්න ඕනේ නැහැ. මහජන මුදලින් යැපෙන කොට මහජනයාට වගකියන්න බැඳිලා ඉන්න බව දන්නේ රජයේ සේවයට එනකොටම නේද?දේශපාලකයෝ යනවා එනවා නමුත් රාජ්‍ය නිලධාරියා අවුරුදු 55ක් සේවයක් හරි විදියට දෙන්න බැඳිලා ඉන්නවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

