විදුලි බිල්පත් ගාස්තු වලට රජයෙන් සහනයක්
විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියි.
විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.
එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය වරයා පැවසීය.
කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

popular news
-
සෙනෙවි Wednesday, 08 July 2020 04:53 PM
සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු ඇස්තමේන්තු අගයකට බිල් සකස්කර මාස දෙකක වැඩිපුර ඒකක ප්‍රමාණය තුන්වන මාසයට එකතු කිරීම නිසා ඉතා ඉහල ගනන් අයකරන ටැරිෆ් දක්වා යාම නිසා අසාමාන්‍ය ලෙස විශාල බිලක් පාරිභෝගිකයාට වංචා සහගත ලෙස ලබාදීම හෙලා දකිමු .මෙසේ වංචනික ලෙස විදුලිබල ම්ණ්ඩලය විසින් පාරිභොගිකයින් ගසා කෑම නිසා ආණ්ඩුව බරපතල ලෙස අපකීර්තියට ලක්වී ඇත. විදුලිබල ම්ණ්ඩලය සහ ජලසම්පත් ම්ණ්ඩලය මෙසේ වංචනික වැඩි බිල්පත් ඉදිරිපත් කිරීම නිසා විශාල ලෙස ඡන්ද පදනම දියවීයාම ව්ලක්වා ගත හැක්කේ වහාම මෙම වැඩි ඒකක ප්‍රමාණය මාස තුන තුල සමානව බෙදාහැර නැවත බිල් සංශෝදනය කිරීමෙන් පමණි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
