විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් ලංවිම සම්පත් සමාගම් 14කට
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් 2007 අංක 7 දරන සමාගම් ආඥා පනත යටතේ ස්ථාපිත සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර තිබෙන බවද ඊයේ (02දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේසභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
යෝජිත විදුලි බල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත මගින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සලසා තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.
කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමා ඔය ඇතුළු අනෙකුත් සියලුම ජල බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියලු තාප බලාගාර වෙන් වෙන් සමාගම්වලට පැවරීම හේතුවෙන් ජාතික බලශක්ති සුරක්ෂිතතාව සමාගම්වල පාලනයට නතු වන බවද පෙන්වා දෙයි.
ජල විදුලි බලාගාරවල අවශ්‍යතාවට ප්‍රමුඛතාව දී ජල බලාගාර සඳහා ජලය සැපයෙන ගංගා හා ජලාශවලින් ජලය මුදා හැරිය යුතු බවට ප්‍රතිපාදන මේ පනතට ඇතුළත්කර තිබෙන බවත් මේ නිසා ගොවි ජනතාවගේ හා මහජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතාවලට ප්‍රමුඛතාව අහිමි වන බවත්එම නිවේදනයේ සඳහන් කර තිබේ.දැනට ක්‍රියාත්මක ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින්ම ලැයිස්තුගත කර ඇත්තේ පානීය හා හා කෘෂි අවශ්‍යතා ඉටුකිරීම සඳහා ජලය නිකුත් කිරීම බවත් යෝජිත කෙටුම්පතේ 115 වැනි වගන්තියෙන් ජල විදුලි බලාගාර සමාගම්වලට ප්‍රමුඛතාවය දී බවත් පෙන්වා දෙයි.
popular news
-
Kumar Wednesday, 03 May 2023 03:14 PM
nawa samagam 14 t sabahapathila 14, upasabahapathila 14, karyamanadala awashaya bawakiyanna oneynahaney. hariyata dan inna sudualiya sudualiya, ali pataw 14 denek buhikarala miyayanawa wagey neda. may sudu ali ranchuway nadaththuwata paaribogikayo thamayi gewannay.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

