විදුලි කප්පාදුව ගැන සොයන්න ජනපති කමිටුවක් පත් කරයි
මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීම සඳහා ඊයේ (26 ) පැවැති කැබිනට් රැස්විමේදි ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇත.
ඇමැතිවරුන් වන කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න , රවී කරුණානායක සහ ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් වේ.
පවතින විදුලි අර්බුදයට ඉතා ඉක්මණින් විසදුම් ලබා දෙන ලෙසටද ඒ පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රුස්විම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

popular news
-
Deepal Nirosh Wednesday, 27 March 2019 03:38 PM
එකමත් එක රටක එකමත් එක කාලෙක (හිටපු) එකමත් එක ජනාධිපතිවරයෙක් එකමත් එක ප්‍රශ්නයක් ගැන හොයන්න එකමත් එක කමිටුවක් පත්කළා. ඊළඟට....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

