විද්‍යුත් ඡන්ද ක්‍රමයකට අවධානය
විද්‍යුත් ජන්ද ක්‍රමය යොදාගැනීම හා විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසීම ඇතුළු මැතිවරණ නීතිරීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාරජයෙන්ඉල්ලීම් කර තිබූ අතර, එය සලකාබලා වහාම එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අමාත් යමණ්ඩලය අනුමත කර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කර, නීතිපතිවරයා විසින් නිමා කරන ලද මැතිවරණ නීති කෙටුම්පත්යාවත්කාලීන කළයුතුයැයි මැතිවරණ කොමිසම අදහස් කරනු ලබන කරුණු, නව නීති හඳුන්වාදිය යුතුයැයි සලකනු ලබන ක්ෂේත්‍ර යනාදී කරුණු 13ක් යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේ යෝජනාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ලිඛිතව යොමුකර තිබේ.
මෙලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති අතර,මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරනු ලැබූ ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසීමට කටයුතු කළ බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ සියලු පාර්ශ්ව සමග අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම පත්කිරීමට රජය තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒඅනුව විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය ප්‍රකාශකිරීමේ අවස්ථාව සැලසීම,සෞඛ්‍ය,ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සියලුක්ෂේත්රවලට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සැලසෙන සේ ඡන්ද විමසීමේ දිනයේදී විශේෂිත ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම හෝ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථා ඇතිකිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමය යොදාගැනීම, මැතිවරණ කාලසීමාවේදී අනිසි ලෙස මාධ්‍ය හැසිරවීමේදී රාජ්‍ය මාධ්‍යයට පමණක් සීමාවන නීති පෞද්ගලික මාධ්‍ය වෙනුවෙන්ද පුළුල්කිරීම, ඡන්ද කාලසීමාවේ ඡන්ද වැරදි සම්බන්ධයෙන් වන පැමිණිලි විමර්ශන ක්‍රියාවලි නෛත්රිකව බලාත්මක කිරීම ආදී නව නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම තේරීම් කාරක සභාවේදී සලකාබැලීමට නියමිතය.
එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් යාවත්කාලීන විය යුතු නීති 06ක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සභානායකවරයාටදැනුම් දී තිබේ. රාජ්‍ය සම්පත් මැතිවරණයේදී අවභාවිතය වැළැක්වීමේ නීති ශක්තිමත් කිරීම, පාලනායතන සඳහා කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම, ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යය කිරීම, ඡන්ද හිමියන් ඡන්ද පොළට ප්‍රවාහනය පිළිබඳ නීති යාවත්කාලීන කිරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා සැකසීම පිළිබඳ නීති ඩිජිටල් තාක්ෂණය වැනි නව තාක්ෂණයන්ට අනුරූපව යාවත්කාලීන කිරීම, පෙළපාළි පැවැත්වීම හා ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳ පවතින නීති වඩාත් ශක්තිමත් කිරීම ආදී යෝජනා ඒතුළ ඇතුළත්කර තිබේ.
අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්, අවුරුදු 18 සම්පූර්ණ වූ අවස්ථාවේදීම ලියාපදිංචි කිරීමට හැකිවන ලෙස ඡන්ද නාමලේඛනයට පරිපූරක ලේඛන සකස් කිරීමට හැකිවන සේ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම, මැතිවරණයකදී අපේක්ෂකයන් මැතිවරණය වෙනුවෙන් දරනු ලබන වියදම් පිළිබඳ විනිවිදභාවයක් ඇතිකිරීම සහ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමටද කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා ඇත.
මේ සියලුම කරුණු අදාළතේරීම්කාරක සභාව මගින් සාකච්ඡාවට ගැනීමට නියමිතය.

popular news
-
Champa Friday, 01 February 2019 12:02 PM
හා හා හා 2015 ඉඳන් තියපු හැම චන්දෙදීම අවසාන ප්‍රතිඵල නිකුත් කරන්න ඉස්සෙල්ල පැය 4ක් 5ක් එක පාරට ප්‍රතිඵල නිකුත් කිරීම නැවැත්තුව. චන්ද සමාගමේ සභාපති කියන්න ඇති ඊළඟ පාර ඒ වැඩේ නම් කරන්න බැහැ කියල. ඊළඟ චන්දෙදි පරණ සෙල්ලම හරියන්නේ නැති නිසා දැන් හදන්නේ electronic ක්‍රමයට චන්ද ප්‍රතිඵල විකෘති කරන්න. මීට කලිනුත් දෙමල ඩියස්පෝරාවේ කීමට පිටරට වල ඉන්න දෙමල මිනිස්සු IDP කාරයෝ කියලා චන්ද අයිතිය දෙන්න හැදුව පිටරටදී චන්දෙ දෙන්න. ඒක මට මතක හැටියට ජනාධිපතිතුමා නැවැත්තුව. දැන් මේ එන්නේ ඒකම වෙන විදිහකට. පිටරටවල ඉන්න, කොටිද ඇතුළුව දෙමල ද්ව්ත්ව පුරවැසියන්ගේ මාර්ගයෙන් ලංකාවේ චන්ද ප්‍රතිඵල විකෘති කරන්න හදන්නේ. පිටරට ඉන්න දෙමල ගාන ගැන කිසිම ලේඛනයක් නැහැ. මැරිච්ච මිනිස්සුයි, අලුත් මිනිස්සුයි ඕනේ තරම් ඉඳියි විදේශගත දෙමල චන්ද ලයිස්තුවේ. චන්දයක් කියන්නේ රටක අනාගතය තීරණය කරන වැදගත්ම සාධකය මිසක් තැන් තැන් වල ගන්න පුළුවන් සිල්ලර භාණ්ඩයක් නෙමෙයි. චන්ද දෙන්න ඕනේ පිළිගත් සම්ප්රදාය අනුව තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරලා මිසක් පිටරට ඉඳන් හොරට නෙමෙයි. ලංකාවේ අනාගතය තීරණය කරන්න ඕනේ ලංකාවේ ඉඳන්. ඒ හින්ද මේ අලුත්ම මගඩියට එරෙහි
Reply : 0 0
Deepal Nirosh Friday, 01 February 2019 03:04 PM
ඡන්ද ක්‍රම ගැන පර්යේෂණ කළාට කමක් නැහැ, නියමිත කාලයේ දී කල් නො දමා මැතිවරණ පවත්වන්න. ජනතාවට වැදගත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මිසක ක්රවේදය නොවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

