එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත උතුරේ ක්‍රියාත්මක වියයුතු බවට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය තමන් පිළිකුල් සහගතව තරයේ හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා 'අද' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
උතුරු ප්‍රදේශයේ දරුවන්ගේ ආරක්ෂාවට එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය උතුරේ යළි ක්‍රියාත්මක වීම වැදගත් බව පැවසීමට තරම් ඇය අනුවණ වී ඇතැයි සඳහන් කල අමාත්‍යවරයා , තම සැමියා ඇතුළු දමිළ දේශපාලඥයන් රැසක් ඝාතනය කල සහ ළමා සොල්දාදුවන් ලෙස උතුරේ සහ නැගෙනහිර දරුවන් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට බඳවා ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර සහ නොයෙක් අපරාධ සිදුකල ආකාරය කෙටි කාලයක් තුල ඇයට අමතක වීම හාස්‍යජනක බව සඳහන් කළේය.
දශක තුනක පමණ කාලයක් උතුරු සහ නැගෙනහිර ඇතුළු රටේ ජනතාව බිහිසුණු කොටි ත්‍රස්තවාදයෙන් බරපතල පීඩාවට පත්වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසිදු ආකාරයකට උතුරේ හෝ නැගෙනහිර යළිත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ඇතිවීමට වත්මන් රජය ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ සියළු ආරක්ෂක සංවිධාන කිසිදු ඉඩක් ලබානොදෙන බව අවධාරණය කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විජයකලා මහේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතවරියක් ලෙස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දැඩි පියවර ගතයුතු බව සඳහන් කළේය.
