නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිවරයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිදුවීම තමන් හෙළා දකින බව මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
අදාළ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්යකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.
“රන්ජන් රාමනායක මහතා කරපු දේ මම හෙළාදකිනවා. විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිවරයා සමග දුරකථනයෙන් කතා කරන්නේ ලොකු විශ්වාසයකින්. එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා”
