විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්
හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මියට එරෙහිව යාපනය කෝපායි ප්‍රදේශයේ ඊයේ (09දා) රාත්‍රියේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව තිබේ.
ශිවසේනා සංවිධානය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් මෙසේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර එයින් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ, රුපියල් කෝටි 50කට ඇමති පදවිය අතහැරි විජයකලාට කුමන මන්ත්‍රී පදවිද යනුවෙනි.
පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයන්ගෙන් ප්‍රධාන සැකකරු වූ ස්විස්කුමාර් නමැත්තාට ආරක්ෂාව සපයමින් ඔහුට කොළඹ දක්වා යෑමට මන්ත්‍රීවරිය උපකාර කළ බවත් කිසියම් පාර්ශ්වයකගේ අවශ්‍යතාවක් මත ප්රභාකරන් නැවත අවශ්‍ය බවට වන ප්‍රකාශය කර ඇති බවත් ඒ සඳහා මන්ත්‍රීවරිය රුපියල් කෝටි 50ක මුදලක් ලබා ගෙන ඇති බවත් එම සංවිධාන පෙන්වා දී තිබේ.
ෙඑමෙන්ම ඇමති පදවි අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ද නොලැබිය යුතු බව ශිවසේනා සංවිධානය මෙම පෝසටර් ව්‍යාපාරය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

popular news
-
Champa Tuesday, 10 July 2018 03:41 PM
ඒක තමයි. රනිල් කෝටි 50ක් දීපු කතා ඇත්ත වෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් මම දැක්ක පලනි දිගම්බරනුත් කියනව ඇමතිකම එපා කියලා. තව අවුරුදු එකහමාරයි. කෝටි 50 අරන් සැපට ඉන්න පුළුවන් කියලා හිතනවා ඇති ආපහු පාරක් ඊළඟ චන්දෙ කාලෙට අලුත් deal එකක් රනිල් එක්කම දාගන්නකම්. මෙහෙම තියෙත්දී තමයි අනුර කුමාර 20A ගේන්න හදන්නේ පාර්ලිමේන්තුවට බලය දෙන්න ජනාධිපතිවත් තෝරන්න. JVP එක ඒකට දඟලන දැඟලිල්ලේ හැටියට පේන්නේ JVP එකටත් සෑහෙන්න ගෙවල තියෙනව කියල රනිල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

