විජයකලාගේ විනය පරීක්ෂණයට UNP කමිටුව නම් වෙයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ්ය පවත්වන විනය පරික්ෂණය නියෝජනය කරන කමිටුව නම් කර ඇත. ඒ අනුව අමාත්‍යවරුන් වන තලතා අතුකෝරාල, අකිල විරාජ් කාරියවසම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා කබීර් හෂීම් යන මහත්ම මහත්මීන් නම්කර ඇත.
popular news
-
Champa Friday, 06 July 2018 06:06 PM
අයියෝ. මේකේ දෙන්නෙක්ම, තලතායි අකිලයි විජයකලාට පක්ෂනේ. කබීර් මම දන්නේ නැහැ. හාමුදුරුවෝ වුනත් හිරේට නියම වුනොත් ජම්පරය ඇඳිය යුතුයි කියපු තලතා දැන් බලමුකෝ සාධාරණ විනිශ්චයක් දෙයිද කියල. ඒ කියන්නේ අපක්ෂපාත පරීක්ෂණයක් කලොත් තලතා කියන්න ඕනේ විජයකලා යූඑන්පි වුනත් රටේ නීතිය කැඩුවොත්, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න හැදුවොත්, කරන්න හැදුවේ නැහැ ඇත්තටම කිව්වොත් කෙලින්ම කිව්වනේ LTTE එක නැවත ඇති කරනවා කියල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලොත්, ඇමතිවරියක් විදියට නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියටවත් සිටිය යුතු නැහැ කියලා. අනිවාර්යයෙන්ම විජයකලාට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ. උසාවියේදී කෙනෙක්ට බැන්නම බරපතල වැඩ ඇතුව මාස 6ක් හිරේ දාන අපේ රටේ ස්වාධීන අධිකරණය, විජයකලාව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ. "යූඑන්පි වුනත් විජයකලාත් ජම්පරය ඇඳිය යුතුයි" කියලා තලතා කියන්න ඕනේ. නැත්නම් අනාගතේ දවසක, විජයකලාට නීතිය ක්‍රියාත්මක කලේ නැත්තේ ඇයි කියලා කාට කාටත් උත්තර බඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ කවුද දන්නේ අනාගතේ දවසක විජයකලාට අන්දපු නැති ජම්පරේ තමන්ට ඇඳෙන්න වුනත් පුළුවන්. ඒක කිව්වේ නම් විහිළුවට,.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

