විජයකලාගේ ප්රකාශයට නිතිපති මතය තවම කතානායකට නෑ
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගෙන ආ යුතු බවට කීහිටපු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් නීතිපති මතය විමසීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළද නීතිපතිවරයාගේ මතය මෙතෙක් පාර්ලිමේන්තුව වෙත ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් මේ සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇති අතර, ඒ අනුව ඉදිරියේදී එම තීරණය කථානායක කරු ජයසූරිය මහතා මැති සබයේදී ප්රකාශයට පත් කිරීමට නියමිතය.
පක්ෂ නායක රැස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ගේද අදහස් විමසා විජයකලා මහත්මිය පිළිබඳ තීරණය දැනුම්දීමට කථානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 17 July 2018 09:50 AM
ඒ කියන්නේ නීතිපති කතානායකතුමාට ගරු කලේ නැහැ කියන එක. ඉතාම කණගාටුදායක තත්වයක්. අනිත් දේවල් පැත්තකට දාල නීතිපති කථානායකතුමාගේ කාරණාවට මුල් තැන දෙන්න ඕනේ. I am serious. නීතිපති කියන්නේ රජයේ නිලධාරියෙක්. ඔහු පාර්ලිමේන්තුවට ගරු කල යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

