උතුරේ එල්.ටී.ටී.ඊ. පාලනයක් නැවත අවශ්‍ය බව පවසමින් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේදීසිදු කළ ප්‍රකාශය පිළිබඳ ගතයුතු පියවර ආණ්ඩුවක් ලෙස හා පක්ෂයක් ලෙස ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (04දා) සඳහන් කළේය.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට වහාම තමන් හමුවන ලෙස දැනුම්දුන් බවත්,එම ප්‍රකාශය පිළිබඳ ඇයගෙන් විමසීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගන්නා බවත් අග්රාමාත්යවරයාපවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
&අපි හැමවිටම මේරටේ එක්සත්භාවය ආරක්ෂා කරනවා. ඒවගේම මේවනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කරලා තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් ඇතිකරන්න උවමනා නැහැ. මේරටේ ඒකීයභාවය ආරක්ෂාකරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ආරක්ෂාකරගන්න, සිංහළ, දෙමළ,මුස්ලිම් ජනතාවට පිළිගතහැකි දේශපාලන විසඳුමකින් මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත්, බලය බෙදාහැරීමේ ප්‍රශ්නත් අපට විසඳන්න තිබෙනවා.
උතුරු නැගෙනහිරට විශාල සංවර්ධනයක් අවශ්‍යයි. ඒ සංවර්ධනය නැතිව දියුණු වෙන්න බැහැ. ඒවගේම නීතිය හා සාමය ගොඩනැගෙන්නේ මේ රාමුව තුළ. මහේෂ්වරන් ඇමතිතුමියගේ ප්‍රකාශය දැනගත් හැටියේ මම එතුමියට කතාකරලා හොයලා බැලුවා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කොමිටුව ඊයේ රැස්වුණා. විජයකලා මහේෂ්වරන් ඇමතිතුමිය ඊයේ අසනීපයෙන් යාපනයේ සිටිය නිසා කොළඹට ඇවිත් මාව මුණගැහෙන්න කිව්වා. ඒ ප්‍රකාශය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ අපි සාකච්ඡාකරලා තිබෙන්නේ. එතුමිය මුණගැහුණාට පසුව අදාළ පියවර ගන්නවා.
මේරටේ ජනතාව වෙනුවෙන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක අංශය විශාල කැපවීමක් කළා. ජීවිත පරිත්‍යාග කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව රට බෙදන්නේ නැතිව විසඳුමක් හොයන්න කිව්වා. අපි හැමෝගෙම පක්ෂවල නායකයෝ එල්.ටී.ටී.ඊ.ය විසින් මරා දැමුවා. එල්.ටී.ටී.ඊ.ය රට බෙදන්න විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරන්නත් හැදුවා.
පොලීසියේ 600ක් මරපු කරුණාව අරගෙන පක්ෂයේ උපසභාපති කළානම්, ප්රභාකරන්ට සල්ලි දීලා ජනාධිපතිවරණයක් දිනුවා නම්, එල්.ටී.ටී.ඊ.ය පරාජය කරපු හමුදාපතිව හිරේ දාපු අය අද කොහොමද ඇවිත් මේගැන කියන්නෙ.කථානායකතුමනි, ඔබතුමා තදින් ක්‍රියාකරන්න ඕන මෙහෙම අයට. අද සරත් ෆොන්සේකා ඇමතිතුමාගේ දේශපාලන පලිගැනීම ඔබතුමාට ලිපියකින් දීලා තිබෙනවා. අපි හැමදෙනාම එකතුවෙලා ඒක අනුමත කරමු කියලා මම කියන්න කැමැතියි. පාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ 'නිව්යෝක් ටයිම්ස්' කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්" යැයි ප්‍රකාශ කළේය.
