විජයකලාගේ ප්‍රකාශය ගැන අධිකරණයෙන් නියෝගයක්
ළමා හා කාන්තා කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය යාපනයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට කළ ප්‍රකාශයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය හඬ පට දෙකෙහි ඇතුළත් කරුණු ලිඛිතව සටහන් කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්යෂක්ෂවරයා වෙත ලබා දෙන ලෙස අධිකරණය අද (13දා) රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කර තිබේ.
විජයකලා මහේෂ්වරන් මහත්මියගේ එම ප්‍රකාශයට අදාළව අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් මෝසමක් මගින් අද කැඳවූ අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබාදී තිබේ.
ඒ අනුව එම ප්‍රකාශයේ හඬ පට සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම ලිඛතව ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නඩුව ලබන 20 වැනිදා දක්වා කල් තැබීය.
සිංහල රාවය සංවිධානය විසින් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

