ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේශ්වරන් මහත්මිය අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කර තිබේ.
යාපනයේ පසුගියදා පැවති රාජ්‍ය උත්සවයකදී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනයක් ඇති වූ අතර බොහෝ පිරිස් එම ප්‍රකාශය හෙළා දැක තිබිණි.
