විජයකලා නැවතත් ප්රභාකරන් ගැන කියයි
හිට්ලර් හා එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් සංසන්දය කිරීමට නොහැකි බවත් කැමති වුවත් අකමැති වුවත් ඔහු සිය භූමිය වෙනුවෙන් සටන් කළ බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
‘ඩෑන්ටීවී නාළිකාව’ හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අය මේ බව අදහස් දැක්වීය. දකුණේ තිබෙන්නේ හිට්ලර් පාලනයක් බවත් උතුරේ ජනතාව තබාගෙන සිටින්නේ ඡන්දයට පමණක් බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
“මට යුතුකමක් තියෙනවා මගේ ජනතාවට සේවය කරන්න. ජනතාව විසින් තෝරා පත් කර ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විදියට. මගේ හිතේ තියෙන වේදනාව කියන්න මට අයිතියක් තියෙනවා.මාධ්‍ය හරහා තමයි ප්‍රශ්නේ එළියට එන්නේ.
රංජන්ට මාධ්‍ය ඉදිරියේ මේක ගේන්න අවශ්‍ය නෑ. මිත්රකමටයි මම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ. එයා ඒක ගත්තේ මාධ්‍ය ඉදිරියේ කියලා මම දන්නේ නෑ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට තියෙන වරප්‍රසාද කඩකිරීමක්.
එයා මට ද්‍රෝහිකමක් කළා. කාන්තාවකට ද්‍රෝහිකමක් කළා. හිට්ලර් එක්ක අපේ නායක ප්රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.
ඔහුගේ ඉතිහාසය ඉදිරි පරම්පරාව අධ්‍යයනය කරයි. දකුණේ සිද්ධ වෙන්නේ හිට්ලර් පාලනයක් තමයි. උතුරේ අපිව තියාගෙන ඉන්නේ ඡන්දෙට විතරයි. හැබැයි හිට්ලර්වයි , ප්‍රභාකරන්වයි එක තරාදියේ දාන්න බැහැ.
මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන තනතුර එයාට උදුරගන්න බෑ. මොකද මම ජනතාවගේ ඡන්දෙන් මෙතනට ආවේ."

popular news
-
Champa Sunday, 08 July 2018 04:55 PM
රටේ ජනාධිපතියි අගමැතියි පොලිස්පතියි හමුදාපතියි නීතිපතියි කථානායකයි බෙල්ලේ ගල ගල ගැට ගහන මුහුදේ පනින්න ඕනේ දැන්. වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. විජයකලා හදන්නේ වීරයෙක් වෙන්න. ඊට පස්සේ වෙනදේ ගැන අහන්න දෙයක් නැහැ. විජයකළාව වහාම අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකොද? බයද? කෝ කතානායකතුමා? පාර්ලිමේන්තුවේ කෑගහපු ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරු පාවිච්චි කල වචන හෙලා දැක්ක. විජයකලාගේ වචන හෙලා දකින්න කොන්දක් නැහැ. දැන් මේ කතාව ඇති විජයකළාව පාර්ලිමේන්තුවෙන් කරන්න. ආයේ නීතිපතිගෙන් අහන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන තීරණ ගන්න බලය තියෙන්නේ කථානායකට මිසක් නීතිපතිට නෙමෙයි. නීතිපතිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගන්න කථානායකගේ අවසරය ගන්න ඕනේ.
Reply : 0 12
shantha Tuesday, 10 July 2018 09:08 AM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නෑ. අර්ජුන් කියන හොරා කළෙත් ඕක තමා. කොන්ද පන නැති ටික්කක් ඉන්නේ. ඕක දකුණේ සිංහල කෙනෙක් කල නම් ජිල් එකේ. සිරිසේන කටක් අරියාද? හිතට ගොඩක් දුකයි. අපේ මුතුන් මිත්තොා් රැක ගත්තු අපේ රට මේ අවුරුදු තුනට කලාම දැම්ම. තියෙන සම්පත් ඔක්කොම විකුනනවා. අද වෙනකම් හොරුන්ට ගත්තු ක්‍රියාමාර්ගයක් නෑ. කමිටු විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

