තම ස්වාමියා මැරූ බවට සැක කරන කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක පාලනයක් නැවත ඇතිවිය යුතු බව රජයේ රාජ්‍ය ඇමැතිනියක් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නෙ නැවත ත්රස්තවාදයට මුල පිරීමක ආරම්භයක් බවට සැක උපදින බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවසුවේ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් කුරිරු එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍ය වෙත අද (05) අදහස් දක්වමිනි.
30 වසරකට වඩා රට තුළ කුරිරු ත්රස්තවාදයක් ඇති කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මුලිනුපුටා දැමු බවත් වත්මන් රජයේ රාජ්‍ය ඇමතිනියක ත්‍රස්තවාදය නැවත ගොඩනැගිමට අදහස් කරනවා නම් රටේ ජනතාවට ඉදිරියේදි කාගේ පිළිසරණක් පතන්නට සිදුවේද යන්න බියක් ඇති බවත් නාහිමියෝ සඳහන් කළහ.
රට ගොඩනැගීම සඳහා හිට්ලර් කෙනෙක් වගේ හෝ වැඩ කර ගොඩනගන්නට අසිගිරි අනුනායක හිමියන් කළ ප්‍රකාශය අල්ලාගෙන සිංහල භාෂාවේ සිද්ධාන්ත නොදත් ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු චක් ගෝලයන් මොර දී අනුනාහිමියන්ට අපහාස වෙන ලෙස පසු දනියේදිම ප්‍රකාශ කළත් අමාත්‍යවරියගේ ප්‍රකාශ කිරීම දෙස මොවුන් ඇස්කන් පියා බලා සිටීම රජයේ නොහැකියාව ඉස්මතු කර පෙන්වන්නක් බවද නාහිමියෝ සඳහන් කළහ.

චමිල් රුපසිංහ