රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරියගේ අදාළ ප්‍රකාශය හෙළා දකින බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
උතුරේදී හෝ දකුණේදීවත් කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට ඉඩ නොතබන බවත්, උතුරේ ක්‍රියාත්මක වන අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
