විජයකලා ඉවත් වුණත් පැමිණිලි විභාග කරනවා
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරියගේ අදාළ ප්‍රකාශය හෙළා දකින බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
උතුරේදී හෝ දකුණේදීවත් කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට ඉඩ නොතබන බවත්, උතුරේ ක්‍රියාත්මක වන අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

popular news
-
Champa Thursday, 05 July 2018 04:20 PM
පරීක්ෂණ කරන්න ඕනේ අත්අඩංගුවට අරන්. සුළු වැරැද්දක් කලත් රටේ නීතිය ඒක. මෙතන කෙලින්ම සාක්ෂි තියෙනව. ආයේ පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. බ්‍රිතාන්‍යයේ හරි ඇමරිකාවේ හරි, නැහැ අඩු ගානේ ඉන්දියාවේ හරි මෙහෙම ත්රස්තවාදීන් නැවත ගේනවා කියලා කිව්වා නම් ජීවිතාන්තය දක්වා හිරේ දානව. බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදී මර්දන නීති අනුව (Anti-terrorism, Crime and Security Act 2001- Part 4) ඕනේ විදේශිකයෙක් නඩු නොදා වුනත් ඕනේ කාලයක් හිරේ තියන්නත් පුළුවන්. බ්‍රිතාන්‍ය එහෙම කරන කොට, LTTE එක ගේනවා කියලා ලංකාවේ රාජ්‍ය උත්සවයකදීම රටටම තර්ජනය කරපු ආණ්ඩුවේ ඇමති විජයකළාව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

