විගනකාධිපති හා අගවිනිසුරු නිල කාලයන් අවසන්වීමට යයි
විගනකාධිපති තනතුර හා අගවිනිසුරු තනතුරු වල නිලකාලයන් තවත් නොබෝ දිනකින්ම අවසන් වීමට නියමිතව තිබේ.
ඒ අනුව ඒ සඳහා වන නාම නිර්දේශ කිරිමට කටයුතු කළ යුතුව ඇත. මේ පිළිබඳව ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව මේ වාසය අවසන්විමට ප්‍රථමව ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වි අගවිනිසුරු ධුරය හා විගණකාධිපති ධුරය සඳහා වන නාමයන් නිර්දෙශ කිරීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

popular news
-
Champa Saturday, 06 April 2019 04:08 PM
මේ පාර අගවිනිසුරු කමට ජනාධිපතිට කඩේ යයි කියලා හිතෙන කවුරු හරි දාන්න ඉඩ තියෙනව. ඒ මොකොද කිව්වා නම් 2020 මැයි වෙනකම් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් නේද කියල අහන්න. සාමාන්‍ය දැනීම බින්දුව වෙච්ච සිරිසේනගේ වහලෙක් කිව්වා ජනාධිපති ධූරය පටන් ගන්නේ කතානායක 19 ට කැමැත්ත දීල අත්සන් කරපු දවසේ ඉඳන්ලු. ඕනේ කෙනෙක් දන්නවා ජනාධිපතිවරයෙක්ගේ ධූර කාලය පටන් ගන්නේ දිව්රුම් දීපු දවසේ ඉඳල කියල. 19න් ධූර කාලය වෙනස් වුනා නම් කතානායක අත්සන් කළාට පස්සේ ජනාධිපති නැවත දිව්රුම් දෙන්න ඕනේ. එහෙම කලාද? දිව්රුම් දුන්නේ කවදද එදා ඉඳන් තමයි ධූර කාලය ගණන් කරන්නේ. අග විනිසුරු නලින් පෙරේරා ඓතිහාසික තීන්දුවක් දුන්න. ඊට කලින් ජනාධිපති ධූර කාලය අවුරුදු 5 කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න. ඒ දෙකම අපක්ෂපාති තීන්දු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

