ජාතික විගණන පනත සම්මත වීමෙන් පසු විගණන කොමිසමට තිබූ ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්වරුන් සතු වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එය 'බල්ලාගේ වැඩේ බුරුවා කිරීමක්' වැනි බවත්, අවුරුදු 03 මාස 03ක් කෙකර ගා දමන ලද බිත්තරයෙන් විගණන කොමිසමට හෝ විගණකාධිපතිවරයාට සාධාරණයක් ඉටුව නොමැති බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුවේ මාර්ග නීති කඩ කරන රියදුරන්ට රුපියල් 25,000ක් දක්වා දඩ නියම කරන විට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙන නිලධාරීන්ගෙන් අය කරන රුපියල් ලක්ෂයේ දඩය රුපියල් 5,000 දක්වා අඩු කර දමා තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
