මීගොඩ 20 කණුව සෝමානන්ද මාවතේදී කොළඹ දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය ලබා ලබා දෙන්නට ඉල්ලා කුඩා කාඩ් පත් සහ පත්රිකා බෙදමින් සිටි සිවු දෙනෙක් සමඟ අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග කුඩා කාඩ්පත් සහ අත් පත්රිකා පන්සියයකට අධික ප්රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.
වෑන් රථයකින් පැමිණි පිරිසක් ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා අත්පත්රිකා බෙදන බවට මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීගොඩ පොලිසිය ස්ථානාධිපති ගිහාන් රාජපක්ෂ මහතා පරීක්ෂණ පවත්වයි.
