අරණයාක අරමහින්න ප්රදේශයේදී වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු අද (21දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හරංගහතැන්න ජේමිස් නමැති 70 හැවිරිදි අයෙකු සහ අමිල නලින් කුමාර නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
එක් පුද්ගලයෙකුගේ සිය නිවස අසල වැසිකිළි වළට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය අසල නිවසක පුද්ගලයාද වළට වැටී අනතුර සිදුව තිබේ.
මියගිය අයගේ මෘත ශරීර අරණායක රෝහලේ තැන්පත් කර ඇති අතර අරණායක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදු විමර්ශන සිදුකරයි.
